පොලිස් නිෂ්කාෂන වාර්තාව ලබා ගැනීම

(ඔන්ලයින් පොලිස් රිපෝට්) ලබා ගැනීම සඳහා සම්පූර්ණ මාර්ගෝපදේශය.

වැදගත් තොරතුරු

මෙම වාර්තාව ඔන්ලයින් අයදුම් කල යුතු අතර පොලිස් දෙපාර්තමේන්තුවට මුදල් ගෙවීමද ඔන්ලයින් සිදු කල යුතු වේ.

මෙම වාර්තාව ලබා ගැනීමට වැඩ කරන දින 14ක් පමණ කාලයක් ගත වේ.

පොලිස් වාර්තාව ලද පසු එය මාස 06ක් වලංගු වන අතර විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කර සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ පසු පොලිස් නිෂ්කාශන වාර්තාව සහ එය සහතික කල ලේඛණය ඒජන්සිය වෙත භාර දිය යුතු වේ.

අවශ්‍ය ලේඛණ සහ තොරතුරු

  • 1. වලංගු විදේශ ගමන් බලපත්‍රයේ පිටපත
  • 2. ජාතික හැඳුනුම්පතෙහි ඉදිරිපස
  • 3. ජාතික හැඳුනුම්පතෙහි පිටුපස
  • 4. උප්පැන්න සහතිකයේ ඉදිරිපස
  • 5. උප්පැන්න සහතිකයේ පිටුපස
මෙම ලේඛණ වෙන වෙනම පැහැදිලිව එවිය යුතුයි.
  • 6. ඔබගේ දැනට පදිංචි ලිපිනය හා පොලිස් වසම
  • 7. ඔබ මින් පෙර වෙනත් ස්ථානයක හෝ කිහිපයක පදිංචිව සිටියේ නම් එම ස්ථාන වල ලිපිනය හා පොලිස් වසම සහ එක් එක් ස්ථානයන්හි පදිංචිව සිටි කාල වකවානුව
  • 8. ඔබ විවාහක නම් බිරිඳගේ සම්පූර්ණ නම හා ජාතික හැඳුනුම්පත් අංකය
  • 9. ඔබගේ ඊමේල් ලිපිනය (ඔබ ලබාදෙන ඊමේල් ලිපිනයට පොලිස් දෙපාර්තමේන්තුව මගින් ඊමේල් එකක් එවන බැවින් නිවැරදි සක්‍රීය එකක් ලබා දිය යුතුයි.)
  • 10. ඔබගේ ගමේ නම හා පළාත
  • 11. ඔබගේ දුරකතන අංකය

අයදුම් කරන්නේ කෙසේද?

මෙම තොරතුරු කමියුනිකේෂන් එකකට ලබා දී පොලිස් නිෂ්කාශන වාර්තාව අයදුම් කළ හැකිය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් අමතන්න: